සංවිධානාත්මක අපරාධකරුන්ව 80කට රතු නිවේදන - ඉෂාරා නම් කිව්ව ලොක්කෝන්ටත් වැඩ වරදියි

Report

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු හෙළි වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (18) දින පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.

එමෙන්ම තවත් සංවිධානාත්මක අපරාධකරුන්ව 80කට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමඟ දැනටමත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

ඉකුත්දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30 වන දිනෙන් පසුව T56 ගිනිඅවි 07ක්, T81 ගිනිඅවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයාගත් බවද ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. 

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්