ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන - දැඩි සැලකිල්ලෙන් ඉන්න

Report

මේ වනවිට භූමියේ පවතින තත්ත්වය සහ කාලගුණ අනාවැකියට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ,

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

"මෙම ප්‍රදේශවල නිවාස බොහොමයක් අධීක්ෂණයට ලක් කරලා නිවෙස් හිමිකරුවන්ට එහි අවදානම් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදී තිබෙනවා. එම පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙහිදී ප්‍රකාශ කරන්නේ නැහැ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම අනතුරුදායක තත්ත්වයක තියෙනවා කියලා. එහි ආරක්ෂිත ස්ථාන තිබෙනවා. තමන්ගේ නිවස පිහිටලා තිබෙන්නේ කණ්ඩියක් අසල නම් ඒ ජනතාව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. වර්ෂාපතනය යම් ආකාරයක වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා නම් සැලකිලිමත් වෙන්න. මොකද කඳු ආශ්‍රිතව අපි ජීවත්වෙනවා කියන්නේම යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් පවතිනවා. නායයෑම්වලින් මරණ 458ක් වාර්තා වෙලා තිබෙනවා. කණ්ඩි කඩාවැටීම් සහ නායයෑම් 698ක් සිදුවෙලා තිබෙනවා. ගල් පෙරළීම් 37ක් වාර්තා වෙලා තිබෙනවා." යනුවෙන්.

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

එසේම අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අවධානයෙන් සිටින්නැයි නිකුත් කර ඇති නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.

එමෙන්ම අදියර 1 යටතේ විමසිලිමත්භාවයෙන් සිටින්නැයි නිවේදනය දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට ක්‍රියාත්මකයි.

කෙසේ වුවත් මෙම තත්ත්වයන් ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාපතනය මත වෙනස්විය හැකි බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

සුඩාන ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 1,700ක් මරුට

සුඩාන ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 1,700ක් මරුට