දෙසැම්බර් සහ ජනවාරිත් සුළි සුළං - කාලගුණයෙන් රතු එළියක්
By Mithu
දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී තරංග ආකාරයේ කැලඹීම්, අඩු පීඩන කලාප සහ අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අතර, ඊසාන දින මෝසම සක්‍රීය වීමත් සමග උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එස්. එල්. සූරියබණ්ඩාර, සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලිද එක්ව සිටිති.