කාලගුණයෙන් රතු නිවේදනයක් - දැඩි සුළං අවදානමක් ඇති මුහුදු ප්‍රදේශ මෙන්න

Report

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දී ඇත.

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි - අවදානම් දිස්ත්‍රික්ක මෙන්න

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි - අවදානම් දිස්ත්‍රික්ක මෙන්න

මේ අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශවල මුහුද විටින් විට රළු විය හැකි බව සඳහන් වේ.

ඒ අනුව, මෙම මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සහ ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දී ඇත.

හැටන් - කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක් - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

හැටන් - කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක් - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

Gallery