හැටන් - කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක් - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
By Malith Madushan
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් මහතා සඳහන් කළේය.
අවදානම් තත්ත්වයට පත්ව ඇති මාර්ග කොටසේ රථවාහන ගමනාගමනය මේ වන විට එක් මංතීරුවකට සීමා කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් සිට කිතුල්ගල දක්වා හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරීමේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙස විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.