රටම රත් කරමින් යළිත් රතු නිවේදනයක් - හෙට පස්වරු 8 වනතුරු තත්ත්වය භයානකයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ මෙම නිවේදනය අද (03) පස්වරු 8.00ට නිකුත් කර ඇත. එසේම එය හෙට (04) පස්වරු 8.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු වනු ඇති බවයි. එබැවින් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
එසේම පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු වනු ඇති බව ද පවසයි.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත්ව පසුවන ලෙසත් ඉල්ලා සිටියි.
ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්