උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

Report

පසුගිය රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වැනිදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

මෙම පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැතිත්තිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් ඇත්තේ.

අදාල පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් හමුවේ කැඳවනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාරිය පවසා ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉකුත් ජූනි 14 වැනිදා වතු පාසල් සඳහා උප ගුරුවරු බදවා ගැනීමේ සඳහා තරග විභාගයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා පෙනී සිටීමට සුදුසු අයදුම්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවන බවත්, සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

මෙරට උද්ධමනය ඍණ වෙයි. - හෑ එහෙම වුණේ කොහොමද?

මෙරට උද්ධමනය ඍණ වෙයි. - හෑ එහෙම වුණේ කොහොමද?

එමෙන්ම තමන් වෘත්තියෙන් ස්වේච්ඡා ගුරුවරියක් වන අතර ඊට අයදුම් කළ බවත්, ලංකා ගුරු සේවයේ බදවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, පෙත්සම්කාරිය චෝදනා කළා.

ඊට අමතරව බඳවා ගනු ලබන ගුරුවරුන් කුමන පාසල්වලට අනුයුක්ත කරන්නේදැයි අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා නොමැති බවයි පෙත්සම්කාරිය සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලයක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ජනපති අනුර මැදිහත් වෙයි. - අත්‍යාවශ්‍ය ආහාර ගැන තීරණයක්.- බිත්තර ගැනත් දැඩි තීරණයක් ගනී.

ජනපති අනුර මැදිහත් වෙයි. - අත්‍යාවශ්‍ය ආහාර ගැන තීරණයක්.- බිත්තර ගැනත් දැඩි තීරණයක් ගනී.