සියදිවි නසා ගන්න හිතෙද්දී මොළයට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියද?

World Health Organization Ministry of Health Sri Lanka Death
By Wayomi Oct 20, 2024 08:14 AM GMT
Wayomi

Wayomi

Report

අද වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙන සියදිවි නසාගැනීම් ගැන කතා කරනවා නම් මේ වන විට ලංකාවේද මෙහි වැඩිවීමක් දකින්න ලැබෙනවා.

සියදිවි නසා ගැනීම එක් ගැටළුවක් ලෙස නොව ගැටළු රාශියක් වේ. එම ගැටළු පවුල් පසුබිම තුළ ගැටලු නිර්මාණය වීම හා සමාජ ගැටලු රාශියක් මේ තුළින් නිර්මාණය වන අතර පර්යේෂණ වාර්තා වලට අනුව ලෝකය පුරා බොහෝ පුද්ගලයන් වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් සියදිවි නසා ගැනීම් සිදු කරනවා.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් වෙඩි තබා ඝාතනය කෙරේ. - ඒ ඇමතිවරයා කවුද කියලා දන්නවද?

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් වෙඩි තබා ඝාතනය කෙරේ. - ඒ ඇමතිවරයා කවුද කියලා දන්නවද?


එමෙන්ම සියදිවි නසාගන්න තැත් කරන පුද්ගලයන් නැතිනම් උත්සහ කරන පුද්ගලයන් මිලියන 10 - 15ත් අතර ප්‍රමාණයක් වන බව පර්යේෂකයෝ පර්යේෂණ මගින් දත්ත ඉදිරිපත් කර්බ් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) වාර්තා වලට අනුව සෑම තත්පර 40 කට වරක් ලෝකේ කුමන හෝ ස්ථානයක සියදිවි නසා ගැනීමක් සිදු වන බව පෙන්වා දී තිබෙනවා.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.


සියදිවි නසා නසා ගැනීම පිළිබඳ විමසීමේ දී කරුණු තුනක් පෙන්වා දිය හැකයි.ඒ,

*සියදිවි නසා ගැනීමේ සංකල්පය.

*සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම.

*සියදිවි නසා ගැනීම

සියදිවි නසා ගැනීමේ සංකල්පය.

සියදිවි නසාගැනීමේ සංකල්පය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයකුට සිවිදිවි නසා ගැනීමේ සිතිවිලි පහළ වීමයි.සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම හා සිවිදිවි නසා ගැනීම තුලින් අදහස් කරන්නේ සියදිවි නසාගැනීම් නසා ගැනීම පිළිබඳ දරුණු සිතිවිලි නිතර නිතර ඇතිවීම,සියදිවි නසාගැනීම් පිළිබඳ ඇති තොරතුරු නිතර නිතර කියවීම හා ඇසීම ඒ පිළිබඳ තොරතුරු ඒකරාශී කරගැනීම එමෙන්ම සිය දිවි නසාගැනීම් පිළිබඳ විවිධ අභිනයන් ඉදිරිපත් කිරීම වැනි ලක්ෂණ සියදිවි නසා නසා ගැනීමට උත්සාහ කිරීම හා සියදිවි නසා ගැනීම් සිදු කරන පුද්ගලයන්ගේ ලක්ෂණ වේ.

අලුත් ආණ්ඩුවේ පළමු පෝලිම හැදෙයි. - ජනපති අනුරගේ ප්‍රකාශයත් සමඟ සිදු වූ දේ.

අලුත් ආණ්ඩුවේ පළමු පෝලිම හැදෙයි. - ජනපති අනුරගේ ප්‍රකාශයත් සමඟ සිදු වූ දේ.


පර්යේෂණ වාර්තා වලට අනුව සියදිවි නසාගන්නා පුද්ගලයන්ට වඩා සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන නැතහොත් තැත් කරන පුද්ගලයන් ඉතා ඉහල මට්ටමක සිටින බව පෙන්වා දී ඇත.එම පුද්ගලයන් විවිධ වයස් කාණ්ඩවල පසු වන අය වේ.

සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම.

සියදිවි නසාගන්නා හා උත්සාහ දරණ පුද්ගලයන්ගේ වයස් සීමාව විවිධ මට්ටම් වල පවතී.ආසන්නතම වයස් සීමාව ලෙස අවුරුදු 25ත් 45ත් අතර පුද්ගලයන් පෙන්වා දිය හැක.නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය හාත්පසින් වෙනස් වී ඇත.එයට හේතුව කුඩා දරුවන් හැර අනෙකුත් වයස් කාණ්ඩවල කාණ්ඩවල සිටින්න (පාසල් වයසේ සිට ) ඇය සියදිවි නසා ගැනීම සිදු කරයි.එම වයස් කණ්ඩායම් වල සිටින පුද්ගලයන් සියදිවි නසාගැනීමට තැත් කරනුයේ විවිධාකාරයේ ප්‍රශ්න මත පදනම් වී ගෙනය.ඒ අනුව ඉච්ඡාභංගත්වය ,ආර්ථික හා විවිධ සාමාජීය ප්‍රශ්න,පවුල් ආරවුල්,ආදර සම්බන්ධතා බිඳ වැටීම,මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්,එමෙන්ම මානසික පීඩනයන් පවතින පුද්ගලයන් එසේත් නැතිනම් මානසික අක්රමිකතා සහිත පුද්ගලයන් (විශාදය , (Depression) භින්නෝන්මාදය , (schizophrenia ) ද්විධ්‍රැව අක්‍රමිකතාවය (Bipolar Affective Disorder ) වැනි අක්‍රමිකතා සහිත පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා.

සියදිවි නසාගැනීම් පිළිබඳ ජීවවිද්‍යාත්මක( biological ) පර්යේෂණයන්

සියදිවිනසා ගන්නා වූ පුද්ගලයන් විවිධ ජීව විද්‍යාත්මක පසුබිම් සහිත වන බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කිසියම් පුද්ගලයකුගේ මොළයේ පවතින සෙරටොනීන් ස්නායු සම්ප්‍රේෂකයේ අවම ක්‍රියාකාරීත්වය හෝ අක්‍රමවත් ක්‍රියාකාරීත්වයද සිවිදිවි නසා ගැනීමට හේතු වන බව පෙන්වා දී ඇත.සියදිවිනසා ගන්නා වූ පුද්ගලයන්ගේ ශරීරයේ මෙම ස්නායු සම්ප්‍රේෂකය පහළ අගයකින් පවතින බව බොහෝ පර්යේෂණ වලින් සනාථ වී තිබෙනවා.

විෂාදයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සෙරටොනින් නැමැති ස්නායු සම්ප්‍රේෂකය අවම මට්ටමක පැවතීම හේතුවෙන් විශාදය සහිත පුද්ගලයන් සියදිවි නසා ගැනීමට වැඩි වශයෙන් ප්‍රවණතාවයක් ඇත.ජීව විද්‍යාත්මක සාධක හා මනෝ සමාජීය සාධක මත සලකා බලන විට ඒවායේ අවම මට්ටමක පැවතීම හේතුවෙන් සියදිවි නසාගැනීම් නසා ගැනීම් සිදුවන බව සායනික මනෝ විද්‍යාඥයින්ගේ මතයයි.

සීතල මහනුවර උණුසුම් කරන වාර්තාවක් එළියට. - වසර 5ක් තිස්සේ සිදු වී ඇති දේ මෙන්න. - නුවර ඉපදෙන්න පින් මදි වෙලාදෝ.

සීතල මහනුවර උණුසුම් කරන වාර්තාවක් එළියට. - වසර 5ක් තිස්සේ සිදු වී ඇති දේ මෙන්න. - නුවර ඉපදෙන්න පින් මදි වෙලාදෝ.


සමස්තයක් වශයෙන් ගත් විට සියදිවිනසා ගන්නා වූ පුද්ගලයන් මානසික මට්ටම (දුර්වල ) අවම තත්වයක පවතින බව සායනික මනෝ මනෝ විද්‍යාඥයින් පෙන්වා දී ඇති අතර සියදිවි නසා ගන්නට තැත් කරන පුද්ගලයන් හා සියදිවි නසා ගන්නන් සිතිවිලි පාලනය කර ගැනීමේ අවම මට්ටමක සිටින්නන් සහ ඔවුන් කුමන හෝ මානසික විකෘති තාවයකින් පෙළෙන පෙළෙන බව ද පෙන්වා හඳුනාගෙන තිබෙනවා.

වර්තමානය වන විට වයස් සීමාවකින් තොරව සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය පිළිබඳව කතා කිරීමේදී පාසල් වයසේ පසුවන ළමුන් සියදිවි නසාගන්නා ප්‍රවණතාවය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අවුරුදු 10 -14 ත් අතර ළමුන් සියදිවි නසාගන්නා පුවත් මුද්‍රිත මාධ්‍යයෙන් හා දෘශ්‍ය මාධ්‍යයෙන් නිරන්තරයෙන් ඇසීමට හා දැකීමට ද කණගාටුවට කරුණකි.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති සියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම අදහස් දැක්වූයේ මෙලෙසින්,

“මානසික සෞඛ්‍ය දිනය සහ පසුගිය කාලය තුළ සිදු වූ සිද්ධීන් පදනම් කරගෙන මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළා. පසුගිය කාලය තුල තරුණ දරුවන්ගේ මානසික ආතතීන්, ඒ හේතුවෙන් ඇතිවන සංකූලතාවයන්, සියදිවි නසා ගැනීම දක්වා එම සිද්ධීන් වර්ධනයවීම පිළිබද විවිධ සිද්ධීන් වාර්තා වුණා.

මෙරට වැඩිහිටි පිරිසට සහ සමකාලීන දරුවන්ටත් මෙම සිදුවීම් නිසා විශාල කම්පනයක් ඇති කළා. මෙම සිදුවීම් ජනතාව දැනගනු ලබන්නේ මාධ්‍ය වාර්තාකරණයෙන්. මාධ්‍යට විශේෂ වගකීමක් තිබෙනවා මෙම තොරතුරු නිවැරදි අකාරයට ජනතාවට ලබාදීම පිළිබදව. මේ සිද්දීන් ඇතිවීමේ හේතුකාරක මොනවාද, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගන්නා පියවර කුමක්ද, ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට පැවරෙන වගකීම යන කරුණු අනුවයි මෙම මාධ්‍ය හමුව සුදානම් කිරීමට කටයුතු යෙදුනේ.

මෙම සිදුවිම් ජනතාව දැනගන්නා ආකාරයන් නිසා විවිධ ව්‍යාකූලතාවයන් තතත්ත්වයන් විවිධ අවස්ථාවල අපි දකිනවා. ඉදිරියටත් මේ පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළු සහ සාකච්ඡා මාධ්‍ය සමග පැවැත්වීමට අදහස් කරනවා. මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධ කරුණු වාර්තා කිරීමේ දී සහ දැනුවත් කිරීමේ දී මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙනවා.”

විශේෂ වූ කාරණාව නම් සියදිවිනසා ගන්නට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව නිතර දෙවේලේ අවධානය යොමු කළ යුතුය.ඔවුන් තනි නොකළ යුතුය.ඔවුන්ට නිතරම ධනාත්මක අභිපේරනය (motivetion) ලබා දිය යුතුය.පරාජිත හැඟීම් හා සෘණාත්මක චින්තනයක් නැති කිරීමට සමීපතමයන් වගබලාගත යුතුය.මේ තුළින් තුලින් සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකිය.

මොකක්ද මේ රනිල් තරහා වන මෛත්‍රී දන්න රහස? - හිටපු ජනපතිලා තුනක් එකම වේදිකාවට නැගලා කළ හොරා කන හැටි වමාරයි. - (VIDEO)

මොකක්ද මේ රනිල් තරහා වන මෛත්‍රී දන්න රහස? - හිටපු ජනපතිලා තුනක් එකම වේදිකාවට නැගලා කළ හොරා කන හැටි වමාරයි. - (VIDEO)