දැන් හරිනේ ලොකු පැටියි එයාගේ කපුවයි ආයෙත් රිමාන්ඩ්
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපු මහතා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
එමෙන්ම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම සැකකරුවන් ඇප මත මුදාහන ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවයි.