මහලොකුවට රට ගිහින් අල්ලන් එනවා හැබැයි පැහැරගත්තු මන්ත්‍රීලගේ කේස් එකට වෙච්චි දෙයක් නෑ - සම්පත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සම්පත් අතුකෝරළ මහතා විසින් අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගෙන ඉන්දුනීසියාවේ සිට අපරාධකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තරම් හැකියාවක් තිබූ වත්මන් රජයට, ඔවුන්ගේම පක්ෂයේ වැලිගම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා පැහැරගෙන ගිය පිරිසට විරුද්ධව මේ වන තුරු නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ තම දේශපාලන බලවේගයේම මන්ත්‍රීවරුන් පැහැරගත් පිරිසට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ඇති නොහැකියාව ගැටලුවක් බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීයි.
“ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන නියෝජිතයෙක් වෙඩිතබා මරා දමනවා තමන්ගේ මහජන හමුව සිදුකරන අවස්ථාවේදී. මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න පැමිණි ආණ්ඩුවක් යැයි කියාගත් මේ ආණ්ඩුව බලයේ සිටින මොහොතක මහජන ඡන්දයෙන් පත් වුණ මහජන නියෝජිතයකුට තමන්ගේ ජනතාව හමුවෙන්නට ආරක්ෂාව නොමැතිනම් මේ ආණ්ඩුව කෙතරම් පාරම් බෑවත් ජනතාවගේ ආරක්ෂාව රැකලා තිබෙනවා කියලා, එය සිදුවී නැහැ. වැලිගම ප්‍රාදේශීය සභාවට පත්වුණු මන්ත්‍රීවරුන් විවිධ විදිහට බිලිබා ගැනීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටියා. නමුත් මේ වර්තමාන රජයට වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු බිලිබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ විතරක් නොවේ එහි මංගල සභාවාරය පවත්වන දිනයේදී ඔවුන්ගේ මන්ත්‍රිවරියක් සහ මන්ත්‍රීවරයෙක් මේ මියගිය සභාපතිවරයා පැහැරගත්තා යනුවෙන් චෝදනාවක් සිදුකළා. ඒ චෝදනාවට අදටත් වුණු දෙයක් නැහැ”