ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ හෝටලයකදී ජීවිතක්ෂයට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති දිස්ත්‍රික්කයේ හෝටලයකදී වයස අවුරුදු 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගත් බවට වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය කාන්තාව, සුනිල් ශාන්ති ද සිල්වා නමැත්තකුගේ බිරිඳ වන කෝදාගොඩ නම් අයකු බවයි.
එසේම ඇය බෞද්ධ ස්ථාන වන්දනා කිරීමට සංචාරයට කොළඹින් පැමිණි සංචාරකයින් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකාවක් බව වාර්තා වේ.
ඉකුත් බදාදා දින උදෑසන ඇය දිගු වේලාවක් තම හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණීම හේතුවෙන් සෙසු සංචාරකයින්ට සැකයක් ඇති වී ඇත.
එහිදී ඔවුන් හෝටල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව කාමරය විවෘත කර තිබෙනවා. එම අවස්ථාවේදී මෙම කාන්තාව මියගොස් ඇති බව දැන ගෙන ඇත.
ඒ අනුව හෝටල් කාර්ය මණ්ඩලය කළමනාකරුට මේ බව දන්වා අනතුරුව ඔහු විසින් පොලීසිය දැනුවත් කළ බව සඳහන්.
මේ අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලීසිය සිරුර භාරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කර ඇති අතර ශ්‍රාවස්ති පොලිස් අධිකාරී රාහුල් භාටි විසින් කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල අපරාධකාරී ක්‍රියාවක සලකුණු නොතිබූ බව සඳහන් කර ඇත.
එසේම එය ස්වභාවික හේතුවක් මත සිදු වූ මරණයක් බවත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ගොනු කර නැති අතර, සංචාරක කණ්ඩායම මළ සිරුර ඔවුන් සමඟ රැගෙන ගොස් ඇති බවත් සඳහන්.