සීතල මහනුවර උණුසුම් කරන වාර්තාවක් එළියට. - වසර 5ක් තිස්සේ සිදු වී ඇති දේ මෙන්න. - නුවර ඉපදෙන්න පින් මදි වෙලාදෝ.

Kandy Government Of Sri Lanka Birthday
By Wayomi Oct 18, 2024 11:38 AM GMT
Wayomi

Wayomi

Report

වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව 2019 සහ 2023 අතර මෙරට ලියාපදිංචි උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරුවල මෙම විස්තර සදහන්ව ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ උපත් 25,857 ක් ලියාපදිංචි කර ඇති අතර 2020 දී උපත් 24,442 ක් ලියා පදිංචි කර ඇති අතර වසරක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 1,435 ක අඩුවීමක් සිදුව තිබෙනවා.

ජනපති අනුර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙට.? - සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්.

ජනපති අනුර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙට.? - සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්.


එමෙන්ම 2021 වසරේදි උපත් 21,643 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසර තුළ දරු උපත් 2,779 ක අඩුවක් සිදුව තිබේ. 2022 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 20,712 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී උපත් 931 ක අඩුවක් පෙන්වයි.

2023 වසරේදී උපත් 18,328 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී දරු උපත් 2,384ක අඩුවක් පෙන්වයි. මේඅනුව 2019 වසරේ සිට 2023 දක්වා වන වසර පහක කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 ක අඩුවක් පෙන්වයි.

චන්ද්‍රිකා ඇස් දෙකටම දැක්ක තරුණ දේශපාලඥයෙකුගේ ආන්දෝලනාත්මක ඩොලර් බිලියනයක ගිණුම ගැන රනිලුත් කට අරියි.

චන්ද්‍රිකා ඇස් දෙකටම දැක්ක තරුණ දේශපාලඥයෙකුගේ ආන්දෝලනාත්මක ඩොලර් බිලියනයක ගිණුම ගැන රනිලුත් කට අරියි.


මේ අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 11,576 ක් ලියාපදිංචි වී ඇති අතර 2020 දී මරණ 10,646 ක් ලියාපදිංචි වී ඇත.

ඒ අනුව එම වසරේදී මරණ 930ක අඩුවීමක් පෙන්වන නමුත් 2021 වසරේදී මරණ 12,744 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසරේදී මරණ 2, 098ක වැඩි වීමක් සිදුව තිබෙනවා.

2022 වසරේදී මරණ 14,111 ක් සිදුව ඇති අතර එම වසරේදී මරණ 1,367 ක වැඩිවීමක් සිදුව ඇත.

මේ අතර 2023 වසරේදී ද මරණ 14,111 ක්ම සිදුව ඇති බැවින් එම වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි විමක් හෝ අඩු වීමක් වාර්තා වන්නේ නැහැ.

ඒ, අනුව 2019 ත් 2023 ත් අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 2,535 ක වැඩි වීමක් සිදුව ඇති අතර 2019 සහ 2023 අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ සංඛ්‍යාව 2535 කින් වැඩි වී තිබෙනවා. 

නොවැම්බර් 01 වෙනිදා සිට හිතාගන්නවත් බැරි වෙනසක්. - එළවළු මිලට සිදු වන දේ මෙන්න.

නොවැම්බර් 01 වෙනිදා සිට හිතාගන්නවත් බැරි වෙනසක්. - එළවළු මිලට සිදු වන දේ මෙන්න.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.