සාකච්ඡාවට සූදානම් බව පුටින් කියයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර නුදුරේදීම පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කිරීමට අමෙරිකානු පාර්ශව තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සදහන් කරන්නේ සාකච්ඡාව සෑම විටම යුද්ධයට වඩා යහපත් බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබද සදහන් කළේ එලෙස සාකච්ඡා පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවයි.
කෙසේ නමුත් රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරන්නේ තවදුරටත් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
මෙම සාකච්ජාවන් සදහා තමා සූදානම්ව සිටි බව ජනාධිපති පුටින් තව දුරටත් සදහන් කරයි.