අලුත් ආණ්ඩුවේ පළමු පෝලිම හැදෙයි. - ජනපති අනුරගේ ප්‍රකාශයත් සමඟ සිදු වූ දේ.
පසුගිය දින කිහිපයේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් සදහා අයදුම්පත් ලබා ගැනීමට කන්තලේ ඉඩම් ලේකම් කාර්යාල ඉදිරිපිට ජනතාව දීර්ඝ පෝලිම්වල රැදී සිටි බවයි වාර්තා වන්නේ.
ඒ , කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් අක්කර 11,000ක් පමණ ජනතාවට ලබා දෙන බවට ජනාධිපති අනුර දිසානායක පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
