15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරට පැමිණ ඇති මේ දින කිහිපයේදීද පිල් මාරු කිහිපයක් සිදු කිරීමට සාකච්ඡා සිදු වෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම දින කිහිපයේදී පිල් මාරු සිදු කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කිහිප දෙනෙකු මෙසේ සාකච්ඡා කරමින් සිටින බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව එම සාකච්ඡාවන් අවසන් එකඟතාවයකට පැමිණිම සඳහා ඉතා තීරණාත්මක හමුවීම් කිහිපයක්ම සිදුවෙමින් ඇති බවද ආරංචි වෙනවා.