මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි
මුළු මහනුවරම කම්පා කරමින් අඹ යහළුවන් දෙදෙනෙක් ඊයේ(02) දින එකටම ජීවිතයෙන් සමුගෙන තිබුණේ එක් අවාසනාවන්ත අනතුරක් නිසයි.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය, පෞද්ගලික බස් රථයක ගැටී තිබුණේ ඊයේ උදෑසනයි.
අනතුරෙන් සිසුන් දෙදෙනාටම ජීවිත අහිමි වී තිබුණේ සියල්ලන් කම්පා කරමින්. කෙසේ හෝ මේ ආරංචිය ලද එක් මවක් ඒ පණිවිඩය ලැබෙන විටත් සිට ඇත්තේ ගුවන් තොටුපළකයි.
පල්ලේකැලේ ඛේදවාචකයේ අනෙක් සිසුවාත් ජීවිතය හැර යයි - අඹ යහළුවෝ දෙදෙනාට අත්වූ ඉරණම නිසා පාසලම හඬා වැටෙයි
ඒ අනුව ඇය ලංකාවට පැමිණෙන අතරවාරයේ සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් එක්කර තිබුණා.
එම වීඩියෝවෙන් සිදුවුණු දේ නොදැන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන කතා ගැන ඇය මෙහිදී හැඬූ කඳුළින් සඳහන් කර තිබුණේ, තමන්ගේ දරුවා එදා මේ විදිහට ගිහින් තිබුණේ එදා දවසේ වාර්ශික ක්‍රිකට් තරගයට නියමිත වැඩකටයුතු වෙනුවෙන් බවයි.
මේ වන විට අඳාළ මවගේ සංවේදී වීඩියෝව සමාජ මාධ්‍ය තුළ කාගේත් නෙතට කඳුලක් ගෙන ඒමට සමත්ව ඇත.
ඇයගේ අවසන් ඉල්ලීම තමන්ගේ පුතුගේ නිසල දේහය දකින තුරු ඇයට ලංකාවට එන්න ශක්තියක් වෙන්න පැතිර යන අසත්‍ය කතා නවත්වන ලෙසටයි.
පාසලක්ම හැඬවූ බිහිසුණු අනතුරින් එක් සිසුවෙක් මරුට - උදේම ඇවිත් තියෙන්නේ වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු වෙනුවෙන්