රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

Report

2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක - 291,708

සජිත් ප්‍රේමදාස -  257,721

රනිල් වික්‍රමසිංහ -   145,038

නාමල් රාජපක්ෂ - 20,575

මෙම 2019 ජනාධිපතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 8ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේය.

එහි දී ගෝඨාභය රාජපක්ෂ කොලොන්න ආසනය 68.05%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එසේම, එය යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ ඉතිහාසය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශකින් වාර්තා කළ ඉහළම ප්‍රතිශතය බවටත් පත් වුණා.

2019 ජනාධිපතිවරණය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 448,044 (59.93%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 264,503 (35.38%)

අනුර කුමාර දිසානායක - ඡන්ද 18,887 (2.53%)

තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 19,061 (65.72%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 7,940 (27.37%)

අනුර කුමාර දිසානායක - ඡන්ද 1,678 (5.79%)

2015 ජනාධිපතිවරණය

මහින්ද රාජපක්ෂ- ඡන්ද 379,053 (55.74%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 292,514 (43.01%)