පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට...පිල්ලයාන්ට රාසමාණික්කම්ට ගෙවන්න වෙයි..

Report

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කයන් රාසමානික්කම් මහතා අද (23) දහවල් ගල්කිස්ස දිසා අධිකරණයේ පෙනී සිටියා.

ශ්‍රී ලංකාවට ඉන්දීය කාණ්ඩායම හමුවේ සිදුවුයේ කුමක්ද...

ශ්‍රී ලංකාවට ඉන්දීය කාණ්ඩායම හමුවේ සිදුවුයේ කුමක්ද...

ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට අපහාස වන අයුරින් සිදු කළා යැයි පවසමින් ඒ මහතා විසින් ගොනු කරන ලද නඩුවකට පෙනී සිටීම සඳහා යි.

ශානික්‍යයන් රාසමාණික්කම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ගල්කිස්ස දිසා අධිකරණයේ ජනාධිපති නීතිඥ සුමන්දිරම් මහතා පෙනී සිටියා.

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

පැමිණිලිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර පෙර විභාගය සඳහා විත්ති පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සුමන්දිරම් මහතා අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ මෙම දිසා අධිකරණයට මේ සඳහා අධිකරණ බලයක් නොමැති බවයි.

පෙර විභාගයට සූදානම් නොවුණු බැවින් පැමිණිල්ල ඉදිරිපත් කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට විත්තියේ නඩු ගාස්තු ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවීමට නියෝග කළ අතර අප්‍රේල් මස 22 වන දින නඩු විභාගය කල් දැමුවා.

You may like this video