රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යන්නයි හදන්නේ. - ඒක අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතුව මෙන්න.
Japan
Ashoka sapumal rangwalla
By Wayomi
ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යෑමට නියමිත අතර ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග පවසනවා.
ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.