ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙත විශේෂ ආරක්ෂාවත් යොදා තිබෙන බව වාර්තා වේ.
එයට හේතුව ලෙස සදහන් කරන්නේ දැනට පවතින වත්මන් තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ආරක්ෂාව සිදු කර ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා විසින් පසුගිය කාලසීමාව තුළ දී ආන්දෝලනාත්මක නඩු කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සේවය කර ඇත.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නඩුව ඇතුළු වැදගත් නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලිප පීරිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.