විශාල අර්බුදයක් මට පේනවා - මෙරට ප්‍රබලයෙක් සිදුකල අනතුරු ඇගවීම

Srilanka politics Ranil wikramasinhe
By Sithumi Sep 26, 2021 03:23 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූයේ ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා නිසා යැයි තමාට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

 අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. "මම අද පුවත්පත්වල කියෙව්වා විදේශ කටයුතු ඇමති එක්සත් අරාබි එමීර්හී විදේශ ඇමතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා අපේ ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබාගන්නා. සාමාන‍්‍යයෙන් ඔවුන් එසේ කරන්නේ නැහැ, නමුත් මම පතනවා එය අපිට ලැබෙන්න කියලා. 

ඒ වගේම මට දැනගන්න ලැබුණා ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීම ප්‍රමාද වුණෙත් අපිට ඩීසල් සඳහා මුදල් ගෙවන්න හැකියාව නොලැබුණු නිසා කියලා. දැන් අපි ඩීසල්වලට ගෙවලා තියෙනවා, ඩීසල් අපිට එමින් තියෙන්නේ. එය ඔක්තෝබර් 01 වෙද්දි ආවේ නැත්නම් යළිත් ඔක්තෝබර් මැද දක්වා කල්දාන්න වෙයි. රූපවාහිනියක් ගන්න පවා ප්‍රශ්න තියෙනවා. ඔබට මෝටර් රථයක් ගන්නත් බැහැ.

අපි ආනයනයට වැඩිබරක් තියෙන ආර්ථිකයක්. අපිට විදේශ විනිමයවලින් ගෙවන්න විශාල ණය බරක් තියෙනවා. අපේ විදේශ සංචිත ඉතා පහළ තියෙන්නේ. රජයේ ණය බර ඉහළයමින් තියෙනවා. අපි කොහොමද මෙයට මුහුණදෙන්නේ. ගෝලීය තත්ත්වය මේකට කිසිසේත් අදාළ නැහැ. ලෝකයේ සමස්ථ විදේශ සංචිත ප්‍රමාණය ගත්තම 2020 පළමු කාර්තුවේ සිට 2021 ඒ කාලසීමාව දක්වා කාලය තුළ ට්‍රිලියන 11 සිට ට්‍රිලියන 12 දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ලංකාව විදේශ විනිමය සංචිත පහළ බැහැපු රටක්. 

එය රඳා පවතින්නේ අපි කොහොමද විදේශ විනිමය කළමනාකරණය කරන්නේ කියන කාරණය මත. මම හිතන විදිහට නම් විශාල අර්බුදයක් එනවා මට පේනවා. රජයට අවුරුද්දක් දෙකක් ඒක ඇදගෙන යන්න පුළුවන් වෙයි. නමුත් යම් අවස්ථාවක අපිට අපහසු තීරණයක් ගන්න සිද්ධ වෙනවා. එච්චරයි."