ලොතරැයියකින් මහළු කතකට හිමිවූ කෝටි නමයට විද්ද 3ක් මාට්ටු

Report

දිනුම් අදින ලද ලොතරැයි පතකට වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක (රුපියල් නව කෝටි හැට දෙලක්ෂ අනූඅටදහස් හත්සිය පනස් නවයයි ශත පනස් අටක) මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලොතරැයි පතකට හපුතලේ ප්‍රදේශයේ කාන්තාවකට එකී දිනුම හිමිව තිබූ අතර සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව එකී මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ලොතරැයි අලෙවි නියෝජිතයා හා කාන්තාව හපුතලේ පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොටගල පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් විමර්ශන සිදු කෙරෙනවා.

ලොව පුරා හදවත් දිනූ 'නයිස්ට් ජජ්' ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි

ලොව පුරා හදවත් දිනූ 'නයිස්ට් ජජ්' ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි