රටම බලන් හිටිය දෙය.. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්.. එකවරම විශේෂ හෙළිදරව්වක් මෙන්න..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ අතර සඳහන් වේ.

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ය.

එහි අවධාරණය කර ඇත්තේ රට ආර්ථිකමය වශයෙන් කඩාවැටී තිබූ මොහොතක හිටපු ජනාධිපතිවරයා සියලු සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති හා නියමිත ක්‍රමවේදයන්ට අනුව බව ය.

කඩමණ්ඩියට ගොඩ වුණ අග්‍රාමාත්‍යවරිය සහ ඇමති විජිත.. හිතාගන්න පුළුවන්ද මොකද වුණේ කියලා.. එහෙ ගිහින්..

කඩමණ්ඩියට ගොඩ වුණ අග්‍රාමාත්‍යවරිය සහ ඇමති විජිත.. හිතාගන්න පුළුවන්ද මොකද වුණේ කියලා.. එහෙ ගිහින්..

එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති අතර නව බලපත්‍ර නිකුත් කිරීම හරහා රජය මේ වසරේ මුල් මාස 09 තුළ රුපියල් බිලියන 3.1කට අධික ආදායමක් උපයා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාව 2024 අගෝස්තු 19 වැනිදා සුරාබදු කොමාසරිස් ජනරාල්වරයාට යොමු කළ ලිපිය මගින් නිර්දේශ ලබා දී තිබීම තුළින්ද මත්පැන් බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය නීත්‍යානුකූල බව තහවුරු කර ඇතැයි හිටපු ජනපතිවරයාගේ කාර්යාලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම විධිමත් ආදායම් ගෙන දෙන සුරාබදු බලපත්‍ර ඉදිරියට ගෙනයෑමේ හෝ අහෝසි කිරීමේ බලය වත්මන් අමාත්‍ය මණ්ඩලය සතු වන බවයි.

You May Like This Video👇 

.