කඩමණ්ඩියට ගොඩ වුණ අග්‍රාමාත්‍යවරිය සහ ඇමති විජිත.. හිතාගන්න පුළුවන්ද මොකද වුණේ කියලා.. එහෙ ගිහින්..
විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යංශයක් යටතට ප්‍රථම වතාවට ගෙන ආ බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 07 තුරග තරගපිටිය පරිශ්‍රයේ ඊයේ (08) ආරම්භ කෙරුණු '2024 ජාත්‍යන්තර කඩමණ්ඩිය සහ සංස්කෘතික උළෙල' අමතමින් ය.
එමෙන්ම, මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකුද සහභාගි විය.
මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රදර්ශන කුටි රැසක්ද මෙම උළෙල සඳහා එක්කර තිබිණ.
එයට සමගාමීව තානාපතිවරු ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විලාසිතා දැක්මක්ද පවත්වනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මෙවැන්නකී,
"මෙමගින් අපිට ලැබෙන අරමුදල් රාගම, උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන එම්. එච්. ඕමාර් අක්මා සත්කාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකාව සඳහා විශේෂිත වූ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට දායක වන උතුම් හේතුවක්. ඔබ දන්නා පරිදි විෂය පථයන් දෙකෙහි මැදිහත් වූ ස්වභාවය අනුව ප්‍රථම වතාවට සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යාංශයක් යටතට අපි ගෙන ආවා. රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් තෘප්තිමත් ලෙස ප්‍රදර්ශනය කරන මේ විලාසිතා දැක්ම තුළින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසර බව හොඳින් පෙන්නුම් කරනවා."
එමෙන්ම එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ මෙවැන්නකී,
"අපේ විලාසිතා නිර්මාණකරුවන් මේ විදිහට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනු දැකීම සතුටක්. ඔබේ නිෂ්පාදන, ඔබේ දක්ෂතා මෙන්ම ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යෑම අපට කළ හැකියි. ඒ වගේම එය එසේ කිරීමට පහසු කිරීමත් අපට අවශ්‍යයි. නවීනත්වයත් සමග අපේ සාම්ප්‍රදයත් මිශ්‍රකර ඔබ ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන අපට සතුටුයි. ඒ වගේම අපේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිඹිබු වන ආකාරයෙන් මෝස්තර නිර්මාණය කිරීම ගැනත් සතුටුයි. මේ වටිනාකම් තමයි අපට මෙම ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යවන වටිනාකම්වන්නේ. ඉතින් බොහෝ හොඳ මුලපිරීම් අතර මෙම සහයෝගීතාව දැකීමට අපි ඇත්තෙන්ම සතුටු වෙමු."
You May Like This Video👇
.