ඉන්ධන මිල නැවතත් ඉහළට?.
Fuel Price In Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ය.
ජනාධිපතිවරයා ඒ බව අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් සඳහන් කළේ ය.
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
එමෙන්ම ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
