ජනපති රනිල් වික්‍රමසිංහ ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණ තීන්දුවක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 26, 2022 06:06 AM GMT
krishani

krishani

Report

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

ඒ අද (26) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාල නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි අතර ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති මුක්තිය හේතුවෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණය අදාල තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha