හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ ටිකට ඉතිහාසයටත් එක් වෙයි

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Latest Headlines Sinhala news
By Kaushi Aug 22, 2025 12:16 PM GMT
Kaushi

Kaushi

Report

 ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සඳහන් කරයි.

අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය භාගයකට කල් යයි

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය භාගයකට කල් යයි

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස තම බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන්.

මේ පිළිබඳව ජුනි 24 වෙනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබුණා.

පසුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්, සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා විය.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා 1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළා.

එසේම 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා ලෙස තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරය දරා ඇත.

ඒ අනුව අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ව ඉන්පසු තරුණ කටයුතු අධ්‍යාපන සහ කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධූරයත්, 1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරය, 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දැරීය.

ඔහු ප්‍රථම වතාවට 1993 මැයි 7 වන දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර සිට ඇත. පසුව දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වා ත් තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වා ත් සිවුවන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත් පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වා ත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ ඔහුයි.

රනිල්ව බලන්න දේශපාලන ලොක්කොත් එක්ක අනුගාමිකයොත් රොත්ත පිටින් අධිකරණ‍යට

රනිල්ව බලන්න දේශපාලන ලොක්කොත් එක්ක අනුගාමිකයොත් රොත්ත පිටින් අධිකරණ‍යට

පසු කාලයේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්වී එම ධූරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 ජූලි 15 වනදා සිට ඔහු නැවත වැඩ බලන ජනාධිපති ධූරයට පත්විය.

එහිදී රටේ පැවති අරගලකාරී වාතාවරණය හමුවේ, මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා, 2022 ජූලි 20 වන දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.  

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්