IOC සහ සයිනොපැක් ඉන්ධන මිල සමාගම් වැඩි කළේ ඇයි? - රජයේ සැලසුමත් නලින්ද හෙළි කරයි
මෙරට ඉන්ධන වෙළෙඳපොළ බෙදී ඇති ආකාරය අනුව ලංකා IOC සහ සයිනොපැක් සමාගම් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජයන් සමයේ මෙරට ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉන්ධන වෙළෙඳපොළේ කොටස් වෙනත් සමාගම්වලට ලබාදී ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව, වත්මන් තත්ත්වය තුළ රජය විසින් ඉන්ධන මිල තීරණය කරන්නේ නම් මිල ඉහළ යාමෙන් ඇතිවන අමතර පිරිවැය රජයට දැරීමට සිදුවිය හැකි බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට - පහත්බිම්වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග ඉන්ධන මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක අදාළ සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවතින තත්ත්වය හමුවේ හැකි උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
ඉන්ධන සංස්ථාවේ පිරවුම්හල් වැඩි කිරීමට සැලසුම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවද අමාත්යවරයා පැවසීය. එම ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම රජයේ ඉලක්කයක් වී ඇති බව ඔහු සඳහන් කළේය. “තෙල් සංස්ථාව හරහා යම් සහනයක් ලබාදීලා ජනතාවට තෙල් සැපයීමේ හැකියාව අපට තිබෙනවා.ඒක තමයි දැන් අපි කරමින් යන්නේ, වෙළෙඳපොළ කඩාවැටෙන්න නොදී,” යනුවෙන් අමාත්යවරයා පැවසීය.
වසර 20කට වැඩි කාලයක් පුරා මෙරට ඉන්ධන වෙළෙඳපොළ මේ ආකාරයෙන් බෙදී පැවති බව සඳහන් කළ ඔහු, දැනට පවතින තත්ත්වය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ඉන්ධන සැපයීම සහ පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් කියා සිටියේය.