එජාපයෙන් සුදත්ත තිලකසිරිගේ යූටියුබ් ප්රකාශයට විරුද්ධව CIDයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි නමැති යූටියුබ් නාලිකාකරුවකු විසින් ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම ප්රකාශය ඊයේ (21) සුදත්ත තිලකසිරි විසින් ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා සිදුකර තිබූ අතර, එය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීමටත් පෙර රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීරණයක් ගැනීමට අදාළ බව එජාප නීතිඥයින් පිරිසක් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඔවුන් CIDයට පැමිණිලි කර තිබේ.

රනිල්ව ඇතුළට දානවා කියලා එහෙම කොහොමද යූටියුබ් සුදා කළින් කියන්නේ, මේක පිටිපස්සේ අනිවාරෙන් මොකක් හරි තියෙනවා - සජිත්