කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

Report

රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවසින් ආහාර ලබාගැනීම සදහා කල ඉල්ලීමට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවසර දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා දැනුම් දෙයි.

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති තත්ත්වයක ඔහුගේ දේශපාලනික මිතුරන් මේ වනවිට ඔහුගේ තත්ත්වය විමසීමට මේ වනවිට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණීම දක්නට ලැබේ.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

 

රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමත් සමග රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම වැනි සෞඛ්‍ය ගැටළු මත මේ ලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(22) නියම කර ඇත.