ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ [UPDATE]

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට වන බවයි.

රනිල් වික්‍රමසිංහට අසාධ්‍යයි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි

රනිල් වික්‍රමසිංහට අසාධ්‍යයි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි

රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බවත් සාමාන්‍ය ලෙසම ඔහුගේ සෞඛ්‍ය දුර්වලව ඇති බවත් තමා සමග හොදින් කතාබහ සිදු කල බවත් ඔහු පවසයි.

"දේශපාලනය කරනවා නම් ඕක උරුමයි...එතුමා ඒකට මුහුණදෙනවා" ලෙස පැවසූ ඔහු "අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා..." යයිද පැවසුවේය.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

 

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බවත් ජනතාව තවමත් තමාට ආදරය කරන බවත් ඔහු පවසයි.  

----------------------------------------------------------------------------------------------------

මහින්ද රාජපක්ෂ මැගසින් බන්ධනාගාරයට - මිතුරාගේ සුවදුක් විමසයි (12.10 p.m)

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණ ඇති බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති තත්ත්වයක ඔහුගේ දේශපාලනික මිතුරන් මේ වනවිට ඔහුගේ තත්ත්වය විමසීමට මේ වනවිට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණීම දක්නට ලැබේ.

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

"මම එතුමාව හමුවුණා" - රනිල්ව හමුවූ සජිත් රටට කියූ කතාව

"මම එතුමාව හමුවුණා" - රනිල්ව හමුවූ සජිත් රටට කියූ කතාව

රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමත් සමග රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම වැනි සෞඛ්‍ය ගැටළු මත මේ ලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(22) නියම කර ඇත.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු