රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ [UPDATE]
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
ඒ ඔහුගේ වයස සහ පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින්.
කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි.
රනිල් වික්‍රමසිංහට අසාධ්‍යයි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි --------- @05.20 PM
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇති බව තොරතුරු වාර්තා වේ.
විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඒ අනුව ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව පවසයි.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම නිසා.
එමෙන්ම මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් ආහාර ලබාදීමටද නිර්දේශ කර තිබෙන බව වාර්තා වේ. එබැවින් ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද සඳහන්.