රනිල්, සජිත්, චන්ද්‍රිකා එක්වෙයි? - තුන්කට්ටුව එක මිටකින් මහා මැතිවරණයට?
කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහගේ නිවසේ පවත්වා ඇති බවයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.