2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Government Of Sri Lanka
By Wayomi Sep 27, 2024 07:55 AM GMT
Wayomi

Wayomi

Report

එළඹෙන 2025 වර්ෂය සඳහා වන අතුරු අයවැය නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත නොවැම්බර් මාසයේදී ගෙන ඒමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ,එලෙස ගෙන එන අයවැය 2025 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.


එමෙන්ම 2025 නව පාර්ලිමේන්තුව යටතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ද නව රජය විසින් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණයහිමියන් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් මත ජනතාවට සහන සැලසීම සහ රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛතාව බව ද ඔහු සඳහන් කරනවා.

මීට අමතරව, පසුගිය රජය ගෙන ආ වැටුප් වර්ධක යෝජනාව සහ 2025 පෙබරවාරි මාසයේදී වාහන ආනයන තහනම ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)


එමෙන්ම රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා අවම කිරීමට රජය අපේක්ෂා කරන බවත්, රටේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව සමාලෝචනය කර ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, ඔහු පවසනවා.

තවද, කොළඹ කොටස් වෙළඳපොලේ මෑතකාලීන ජයග්‍රහණ නව රජය කෙරෙහි ඇති විශ්වාසය ආයෝජකයින් විසින් මුළුමනින්ම පිළිබිඹු නොකරන බවත්, කොටස් හුවමාරුව රටේ සමස්ත ආයෝජක විශ්වාසය පිළිබිඹු නොකරන බවත්, ඔහු සඳහන් කරනවා.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.


මේ අතර ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගීම හේතුවෙන් කොටස් වෙළඳපොල ඉහළ ගියේ යැයි තමන් පැවසුවහොත්, බොහෝ විට එය ඉදිරියේදී පහත වැටිය හැකි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ආයෝජකයින් මේ වන විට ලාභ අපේක්ෂාවෙන් සිටින බවත්, නව රජය කෙරෙහි යම් තරමකට විශ්වාසයක් ඇති වී ඇති බවත්, මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%