රනිල් දුන්න බාර් ලයිසන්වලට නඩු කියපු වසන්ත නඩුවෙන් ලිස්සයි - ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නලු [VIDEO]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව පවසන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා දිවරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇති බව වරුණ රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.
ඒ තම අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින්.
එහිදී මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත් අඳාළ දිවුරුම් ප්‍රකාශය මඟින් හර්ෂණ සූරියප්පෙරුම පෙන්වා දී ඇති බව සඳහන්.
එසේම ආණ්ඩුව ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ තිබෙන චෝදනා හැකි ඉක්මනින් ඉවත් කර දමා, එම බලපත්‍රවලට ක්‍රියාත්මක වීමට දෙන ලෙසයි.
අඳාළ බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල වූ අතර, සාලිය පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බව සඳහන් කර එය වහාම නවතා අත්හිටුවා දමන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එසේ වුවත් අඳාළ බලපත්‍ර දේශපාලඥයන්ට දුන් බවට ප්‍රකාශ කරමින්, නඩුවේ සාක්‍ෂිකරුවෙකු වශයෙන් නම් කර ඇති වසන්ත සමරසිංහ මහතා උසාවියට පැමිණ නැති බව සඳහන්. එසේම බලපත්‍ර ලැබුණු බව කියූ දේශපාලඥයෙක් ද උසාවියට පැමිණ නොමැත.