හැමෝම බලාගෙන හිටපු අයවැයට තව දින දෙකයි
2026 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තවත් දින දෙකක් පමණක් වේ.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගොවීන්, ධීවරයින් ඇතුඵ කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ද අයවැය සම්බන්ධයෙන් විවිධ මත පළ කරයි.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් 2026 අයවැය කතාව එළබෙන සිකුරාදා පස්වරු 1:30ට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.