තායිලන්ත රැජිනට ශෝකය පල කරන්න රනිල් යයි
තායිලන්තයේ (Sirikit) සිරිකිත් රැජින ඉකුත් 24 අභාවප්‍රාප්ත විය.
ඒ අනුව රැජනියගේ අභාවය වෙනුවෙන් සොව පළ කරන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණ තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 93 වැනි වියෙහි විසූ තායිලන්ත රැජන තායිලන්ත සමාජයේ ඉතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක් ලෙස හැඳින්වෙයි.
ඇගේ පුත් වජිරලොන්කෝන් රජු විසින් රැජනගේ අභාවය නිමිත්තෙන් වසරක් පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ආදාහනයට පෙර ඇගේ දේහය මහා මාලිගාවේ තැන්පත් කරනු ලැබේ.