බස් රියදුරන්ට නරක ආරංචියක් - ආයේ මේ සෙල්ලම් බෑ - පූර්ව දැනුම්දීමකින් තොරව රට පුරා

Report

මගී ප්‍රවාහන බස් රථ රියදුරන් ඉලක්ක කරගනිමින් අලුතින් ආරම්භ කරන ලද ජංගම රසායනාගාර පරීක්ෂණ වැඩසටහනේදී රියදුරන් 56 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ එසේ පරික්ෂා කළ අය අතර දස දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හඳුනාගැනීමේ අරමුණින් ඉකුත් ජනවාරි 22 වන දින අඳාළ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදුව ඇත.

ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ නිවේදනයක්

ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ නිවේදනයක්

එහිදී අහඹු ආකාරයට තෝරාගත් රියදුරන් පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ අනුව එම අවස්ථාවේ ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී අයිස් (Ice), හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මූලික ලෙස අනාවරණය වී ඇති අතර එම රියදුරන්ට විරුද්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් අහඹු ආකාරයට සිදුකළ සුළු පරීක්ෂණ සංඛ්‍යාවකින් මෙතරම් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම ඉතා බැරෑරුම් මෙන්ම සංකීර්ණ තත්ත්වයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම ඇතැම් රියදුරන් විවිධ සන්නිවේදන ක්‍රමවේද හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් පරීක්ෂණ සිදුකෙරෙන මාර්ග මඟහැර යාමට උත්සාහ කර තිබෙන බව ද නිරීක්ෂණය වී ඇති බව සඳහන්.

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

එබැවින් මෙම ආරක්ෂිත වැඩසටහන සාර්ථක කර ගැනීමට බස් රථ හිමියන් මෙන්ම මහජනතාව ද දැඩි අවධානයකින් යුතුව සහයෝගය ලබා දිය යුතු බව රජය අවධාරණය කර ඇත.

එමෙන්ම බස් රථ රියදුරන් සම්බන්ධ මෙම පරීක්ෂණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ ආරම්භ කර තිබුණද, ඉදිරියේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත්, එහි වාර ගණන ඉහළ නැංවීමටත් ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සඳහන්.

පෙබරවාරි මාසේ 03, 05 සහ 6 යන දිනවල වෙන්නේ මේකයි

පෙබරවාරි මාසේ 03, 05 සහ 6 යන දිනවල වෙන්නේ මේකයි