රජයේ රෝහල් පද්ධ­තිය තුළ පවතින ඖෂ­ධ­ ගැන විශේෂ හෙළිදරව්වක්.

Dr Ramesh Pathirana Hospitals in Sri Lanka
By Wayomi Sep 01, 2024 11:36 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් පද්ධ­තිය තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ ප්‍රකශ කරනවා.

ඔහු ඒ බව කියා සිටියේ , පෙරේදා (30) ඖෂධ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යීය ශ්‍රව­ණා­ගා­රයේ පැවැති විශේෂ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින්.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.


එහිදී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජ­යෙන් කිසිදු ඉඩක් නැහැ. කිසිදු බිය­කින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධ­තිය තුළින් ලබා­දෙන ඖෂධ ආර­ක්ෂි­තව භාවිත කළ හැකියි.

වර්ත­මා­නයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළි­බ­ඳ­වත්, ඖෂධ මිලදී ගැනීම පිළි­බ­ඳ­වත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචා­රය කිරීම සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වී­මට මෙම මාධ්‍ය හමුව පව­ත්ව­නවා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනී­මක් සිදු කරන්නේ නැහැ. ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු කිසිදු ඖෂ­ධ­යක් ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය මඟින් ලබා ගැනී­මට කට­යුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ලියා­ප­දිංචි කර නොමැති ඖෂධ මෙර­ටට ගෙන්වී­මට කිසිදු අව­ස්ථා­වක කට­යුතු කර­න්නෙත් නැහැ. ඒ සම්බ­න්ධව කථි­කා­වක් ඇති වී තිබෙන්නේ කරුණු දෙකක් හේතු­වෙන්. එකක් තමයි ශ්‍රී ලංකාව සහ ඉන්දි­යානු රජය අතර, රජ­යන් දෙකක් අතර ගිවි­සු­මක් මාර්ග­යෙන් ශ්‍රී ලංකා­වට ඉන්දි­යානු රජ­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව ඔවුන්ගේ යෝජනා ක්‍රම­වේ­ද­ය­කට අනුව “ජන­ඖ­ෂධී ඖෂධ ව්‍යාපා­රය” නමින් රජය සතු ආය­තන මඟින් ගුණා­ත්ම­ක­භා­ව­යෙන් ඉහළ ඖෂධ ඉන්දි­යානු ජන­තා­වට ලබා­දී­මේත්, අස­ල්වැසි රට­ව­ලට ලබා­දී­මේත් ක්‍රම­වේ­ද­යක් පව­ති­නවා.

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?


එම ක්‍රම­වේ­ද­යට ඇතු­ළත් වන ලෙස ඉන්දි­යානු රජය කළ ඉල්ලී­ම­කට අනුව කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ යටතේ අවශ්‍ය අව­ස්ථා­ව­කදි ඉන්දි­යානු රජ­යෙන් අපට ලබා­දෙන ඖෂධ සාධා­රණ මිල­කට මෙරට ලියා­ප­දිං­චි­යෙන් පසුව ලබා­ගැ­නීම සඳහා අවශ්‍ය කැබි­නට් පත්‍රි­කා­වක් මා ඉදි­රි­පත් කර තිබෙ­නවා. එම කැබි­නට් පත්‍රි­කා­වෙන් අපි බලා­පො­රොත්තු වුණේ ඉන්දි­යානු රජය සමඟ අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කරන්න. එම කැබි­නට් පත්‍රි­කාව අනු­මත වූවාට තවම අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කර නැහැ. එම අව­බෝ­ධතා ගිවි­සුම අනුව මෙර­ටට ඖෂධ ගෙන්ව­නවා නම් ඖෂධ සහ නිෂ්පා­ද­ක­යින් ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිංචි කිරී­මෙන් පසු­වයි මෙර­ටට ගෙන්වන්නේ. දෙවැන්න පසු­ගිය වස­රක කාලය තිස්සේ ලංකා­වට ඖෂධ කිහි­ප­යක හිඟ­තා­ව­යක් තිබෙ­නවා. වෛද්‍ය­ව­රුන් විසින් හඳු­නා­ගත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිර්දේ­ශිත ඖෂධ 862ක් ලංකාවේ ඖෂධ සඳහා අන්ත­ර්ගත කර තිබෙ­නවා. එම ඖෂධ ප්‍රස­ම්පා­ද­නය කර රෝහල් වෙත ලබා­දෙ­නවා.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.


පසු­ගිය වස­ර­කට ආසන්න කාල­යක් තිස්සේ හිඟ ඖෂධ 37ක් ලබා­ගැ­නීම පිළි­බ­දව ගැටලු මතු­වෙලා තිබෙ­නවා. එයට හේතුව තමයි එම 37න් 21කට ලියා­ප­දිංචි නිෂ්පා­ද­ක­යින් සිටි­යත්, ඔවුන් සම­හර අව­ස්ථා­වල ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යට සම්බන්ධ වෙලා නැහැ. සම­හර අව­ස්ථා­වල ඔවුන් ඉදි­රි­පත් කළ මිල ගණන් ඉතා අධික මිල ගණන් වෙනවා. තවත් ඖෂධ 16ක් තිබෙ­නවා ලංකාවේ ලියා­ප­දිංචි කර ‌නොමැති. මෙම ඖෂධ 37 ලබා ගැනීම වෙනු­වෙන් සෞඛ්‍ය ලේක­ම්ව­ර­යාට බලය තිබෙ­නවා, එම බලය වඩා ස්ථාවර කර ගැනීම සඳහා සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතුව කට­යුතු කිරී­මට අවශ්‍ය නිසා තමයි කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කරන ලද්දේ සෘජු ප්‍රස­ම්පා­දන ක්‍රම­වේ­ද­යක් යටතේ එම ඖෂධ ලබා­ගැ­නීම වෙනු­වෙන්. එම කැබි­නට් පත්‍රි­කාව තවම ඉදි­රි­පත් වුණෙත් නැහැ, අනු­මත වෙලාත් නැහැ. නමුත් දැන­ට­මත් මාධ්‍ය හරහා ප්‍රචා­රය ලබාදී තිබෙ­නවා. එම ක්‍රම­වේ­දය යටතේ මිල දී ගත්තත් අප ඉල්ලී­මක් කර තිබෙන්නේ ලියා­ප­දිංචි සැප­යු­ම්ක­රු­ව­න්ගෙන් නොමැති අව­ස්ථා­වල ලෝකයේ එම ඖෂධ නිෂ්පා­ද­නය කළ ප්‍රථම සමා­ග­මෙන් එම ඖෂ­ධය ලබා­ගැ­නී­මට අව­ස­රය ලබා­දෙන්න කියලා.

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)


එසේ කර තිබෙන්නේ සම­හර විට ලියා­ප­දිංචි ඖෂධ සැප­යු­ම්ක­රු­වන් මෙයට සැප­යුම් නොක­රන නිසාත්, නැති­නම් ඔවුන්ගේ ඖෂධ මිල අධික නිසාත් මෙන්ම සම­හ­ර­විට ලියා­ප­දිංචි කර නොමැති නිසාත් බව කියන්න අව­ශ්‍යයි. එවැනි ක්‍රම­වේ­ද­යක් යටතේ ඖෂධ ගෙන්ව­නවා නම් කිසි විටෙක හදිසි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­ය­කින් තොරව නැති­නම් ඔවුන් ලියා­ප­දිංචි කර නැති­නම් එම ඖෂ­ධය අනි­වා­ර්ය­යෙන්ම ඖෂධ නියා­මන අධි­කා­රියේ ඖෂධ ලියා­ප­දිංචි කිරීමේ ක්‍රම­වේ­ද­යක් පව­ති­නවා. ලෝකයේ පිළි­ගත් රට­වල ලියා­ප­දිංචි කර තිබෙ­නවා නම් අපට ඉතා ඉක්ම­නින් ලියා­ප­දිං­චිය ලබා­දෙන්න පුළු­වන්. එය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පිළි­ගත් ක්‍රම­වේ­ද­යක්. ඒ හරහා පම­ණයි ගෙන්වන්නේ. එවිට එම ඖෂ­ධ­වල ගුණා­ත්ම­ක­භා­වය පිළි­බ­ඳව කිසිදු ගැට­ලු­වක් ඇති වන්නේ නැහැ.

සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස මා කට­යුතු කරන තාක් කල් සහ මෙම නිල­ධාරි මණ්ඩ­ලය කට­යුතු කරන තාක් කල් අපි නීති­වි­රෝධී හෝ රීති විරෝධී හෝ, සම්ප්‍ර­දාය විරෝධී කිසිම කට­යු­ත්ත­කට සම්බන්ධ වෙන්න බලා­පො­රො­ත්තු­වක් නැහැ. එහෙම දෙයක් සිදු වුණෙත් නැහැ. ඉදි­රි­යේදී සිදු වෙන්නෙත් නැහැ."

මෙර­ටට පසු­ගිය කාලය පුරා සිදු වුණේ රෝගී ජන­තා­වට ලබා­දී­මට නොහැකි වූ ඖෂධ 37 වඩා විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව රටේ ජන­තා­වට ලබා­දී­මට කට­යුතු කිරී­මයි. අද පුව­ත්ප­ත්වල ද අසත්‍ය මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් කිසිදු නිල­ධා­රි­යෙක් ඖෂධ ප්‍රස­ම්පා­ද­න­යක් වෙනු­වෙන් කිසිම විටෙක ඉන්දි­යා­වට හෝ පිට­ර­ටට ගියේ නැහැ. කිහි­ප­ව­රක් ගිහින් තිබුණා පුහුණු වැඩ­ස­ට­හන් සහ නිෂ්පා­දන ඇතුළු කට­යුතු පිළි­බ­ඳව අව­ධා­නය යොමු කරන්න. ඖෂධ නිෂ්පා­දන සංස්ථාව විනාශ කර ඖෂධ සැප­යුම් ඉන්දි­යා­වට දෙන්න හද­නවා කියලා ප්‍රවෘ­ත්ති­යක් පළ වෙනවා. එම ප්‍රවෘ­ත්ති­යට පාදක වෙන්නේ රජ­ය­කින් රජ­ය­කට ගිවි­සු­ම­කට ඖෂධ සැප­යීම පිළි­බ­දව මා ඉදි­රි­පත් කළ කාර­ණය. එය පෞද්ග­ලික අංශය සම්බන්ධ එකක් නොවෙයි. ගුණා­ත්ම­ක­භා­ව­යෙන් ඉහළ ඖෂධ ඉන්දි­යාව හරහා ගන්න හැකි නම් අපි ඒක කර­නවා. එසේ කරන්නේ රටේ ජන­තාව වෙනු­වෙන්. නමුත් ඒ සම්බන්ධ අව­සන් ගිවි­සු­මට තවම එළඹ නැහැ. එය වඩා විනි­වි­ද­භා­ව­යෙන් රජ­යන් දෙක අතර කෙරෙන කට­යු­ත්තක්.

මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝදනය ගැන විශේෂ තීරණයක්.

මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝදනය ගැන විශේෂ තීරණයක්.


රමේෂ්ගේ ඖෂධ ගෙන්වීම ජන­පති අත්හි­ටු­වයි කියලා පුව­තක් තිබෙ­නවා. එහි කිසිදු සාධා­රණ පද­න­මක් හෝ එවැනි කට­යු­ත්තක් සිදු වුණේ නැහැ. එසේ කිරී­මට අව­ශ්‍ය­තා­ව­යක් නැහැ. ජනා­ධි­ප­ති­තු­මාත් පව­සන්නේ අත්‍ය­වශ්‍ය ඖෂධ ජන­තා­වට පුළු­වන් තරම් හොඳින් ලබා­දෙන්න කියලා. ලංකා­වට ඖෂධ ගෙන්වන්න ඉන්දි­යා­වෙන් කිසිදු සමා­ග­මක් තෝරා­ගෙන නැහැ. එවැනි සිදු­වී­මක් කෙරෙ­නවා නම් ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිං­චි­යට අනි­වා­ර්ය­යෙන්ම යටත් විය යුතුයි. ලියා­ප­දිංචි නොකළ ඖෂධ ලංකා­වට ගෙන්වන්නේ නැහැ. එවැනි ක්‍රියා­මා­ර්ග­ය­කට තවම අප අව­තීර්ණ වෙලත් නැහැ. අබ­බෝ­ධතා ගිවි­සු­මට තවම දින වක­වානු නැහැ, තීන්දු කරලා නැහැ, රජ­යන් දෙකක් අතර අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කරන්න කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබෙ­නවා. මම ලංකාවේ ඖෂධ සමා­ගම අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යෙක් ලෙස කට­යුතු කර තිබෙ­නවා. එය මගේ ජීව දත්ත පෝර­ම­යෙත් තිබෙ­නවා. ඔය කියන සමා­ගමේ මම සේවය කර නැහැ."

රටම බලන් හිටපු තීරණයක්. - තමිල් අරසු පක්ෂය සජිත් ලඟට.

රටම බලන් හිටපු තීරණයක්. - තමිල් අරසු පක්ෂය සජිත් ලඟට.



ReeCha