රාජිතට එරෙහි පැමිණිල්ලක් නැවත කැඳවීමට දින
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජූලි 10 වන දින නැවත කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව අඳාළ පැමිණිල්ල අද (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවා තිබුණා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර සිටියා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි 10 යළි කැඳවීමට දින නියම කර ඇත.
එසේම එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග කර තිබෙනවා.