රනිල්ගේ වේදිකාවේ මහින්දගේ හොඳ කියූ මන්ත්‍රිනී..සිදු වූ දේ මෙන්න.
ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට ගෙනාව නායකයා මහින්ද රාජපක්ෂ මහතා යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජකා වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක වේදිකාවේදී එසේ කියා සිටි අතර ඒ සමගම ඇය එය රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කිරීමද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඇය මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වී සිටිනවා.