අදත් තද සුළං සමඟ මේ ප්‍රදේශවලට වැසි
අද (16) දින සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන බව වාර්තා වේ.
ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර තිබෙනවා.
එසේම ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව ද සඳහන්.
එමෙන්ම එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.
ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා ඇත.