ඇඳුම් නිසා පුවත් මවන ආරුගම්බේ, ඔන්න ආයෙත් අඩ නිරුවතින් කාන්තාවක් ඇවිදලා

Report

පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියන් ඊයේ (14) දින අරුගම්බේ සංචාරක කලාපයේ අඩ නිරුවතින් ගමන් කළ තායිලන්ත ජාතික සංචාරිකාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සිද්ධිය ඊයේ දින මධ්‍යාහ්න 12:30 ට පමණ සිදුව ඇත. අඳාළ කාන්තාව එක් හෝටලයක සිට තවත් හෝටලයකට අඩ නිරුවතින් ගමන් කරමින් සිටින විට මෙසේ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව ඇය තායිලන්ත ජාතිකයෙක් බව පොතුවිල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

ලැබුණු පොලිස් වාර්තාවලට අනුව "බීච් හට්" හෝටලයේ සිට "ඕෂන් ස්කයි" හෝටලයේ පිවිසුම දක්වා ඇය උඩුකය නිරුවත්ව මෙසේ ගමන් කර තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් සිද්ධිය දැක පොලිසියට දැනුම් දීමත් සමඟ පොලිසිය කඩිනමින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

එසේම පොලිස් නිලධාරීන් සහ පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරිනියන් ඇය සොයා ගෙන, පොතුවිල් පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙන අතර අද දින (15) ඇයව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පවසයි.

සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ජාතිකයෙක් හා මෙරටට පැමිණි ඇය මෙම මාසයේ 11 සිට 20 දක්වා අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බවයි.

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

කෙසේ වෙතත් ඇය 1841 අංක 4 දරන ආඥාපනතේ පොදු ස්ථානයක අසභ්‍ය හෝ අශෝභන හැසිරීම යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පොතුවිල් පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව තායිලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. 

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි