දෙයියනේ කියලා.. බස් වර්ජනයක් නෑ කියලා කීවා විතරයි.. ඒ ගමන කෝච්චි කරන්න යන දෙය මෙන්න..

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විශේෂ ලිපියක් මගින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින් එයට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමටයි.

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

දුම්රිය ස්ථාධිපතිවරුන් සඳහා වසර පහෙන් පහ ශ්‍රේණි උසස් වීම ක්‍රමවේදය සහ අනෙකුත් සංශෝධනය විය යුතු කරුණු ඇතුලත් කර සකස් කරන ලද, බඳවා ගැනීමේ පටිපාටිය මේ වනතුරු අනුමත කර නැත.

මේ අනුව 2024.07.16 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ලද අනුමැතිය මත දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණී උසස්විම් ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම සංගම‍ය නිකුත් කළ නිවේදයේ සදහන් කර තිබෙනවා.

එමෙන්ම,  දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ දුම්රිය නියාමකවරුන්ගේ ඊලග ආසන්නතම ශ්‍රේණිගත නොවන උසස්වීම වන "දිස්ත්‍රික් ප්‍රවාහක පරික්ෂක (DTI)  තනතුරට බඳවා ගැනීමේදී ඉහත කී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට විශාල අගතියක් වන බව සදහන් කර ඇත.

එබැවින්, අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ඔවුන් තීරණය කර ඇත.

එමෙන්ම, දුම්රිය නියාමකවරුන් සඳහා ද වසර පහෙන් පහ ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදය ඇතුලත් කර බඳවා ගැනීමේ පරිපාටිය සකස් කර නොමැති පසුබිමක් තුල රාජ්‍ය සේවා කොමිසන් සභා අනුමැතිය ලබා ගැනීමකින් තොරව, පෙර පැවැත්වූ දෙපාර්තමේන්තු පරීක්ෂණයක ප්‍රතිඵල පදනම් කර ගනිමින් නව උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු ඇත.

එබැවින්, එම පූර්වාදර්ශය අනුගමනය කරමින් දුම්රිය ස්ථාපතිවරුන්ට ද දුම්රිය සාමාන්‍යාධිකාරිගේ සෘජු අධික්ෂණය යටතේ දෙපාර්තමේන්තු පරික්ෂණයක් පවත්වා වසර පහෙන් පහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ක්‍රියාත්මක කරන මෙන් ඔවුන් ඉල්ලා සිටි.

You May Like This Video👇