විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Report

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් අද(28) සිට දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන පරිදි, ආරම්භයට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48ක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. සංගමයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී එකඟ වූ කරුණු මත මෙම තීරණය ගෙන ඇත.

මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරන වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් මතු වූ ගැටලුව මුල් කර ගනිමින් සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි.

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

කෙසේ වෙතත්, අද පැවැති සාකච්ඡාවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත ගනු ලබන තීරණය දැනුම් දෙන බවයි.

එමෙන්ම, දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පිළිබඳ ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් භාර ගන්නා බවත් ඔහු සංගමය හමුවේ අවධාරණය කර ඇත. මෙම තීරණය හේතුවෙන් රෝහල්වල විකිරණ සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බව විශ්වාස කෙරේ.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න