අඛණ්ඩ වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවයි

Report

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (28) දිනයේ සිට සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

සංගම සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් මෙම වර්ජනය පැය 48 කාලය සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලද්දේ සංගම නියෝජිතයින් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සිදුකළ සාකච්ඡාවේ එකඟතාවය මත බවය.

මෙම වර්ජනය මුල් වශයෙන් මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධව ඇති ගැටලුවක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වුවත්, අද පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධව ඉදිරි පැය 48 ඇතුළත ගනු ලබන තීරණය දැනුම් දෙන බවයි.

රජයේ රැකියා ලැබෙයිද? මෙන්න අලුත්ම පණිවිඩේ

රජයේ රැකියා ලැබෙයිද? මෙන්න අලුත්ම පණිවිඩේ

එමෙන්ම, රෝහලේ නිරත නිලධාරීන්ගේ රාජකාරි කටයුතු ආරක්ෂා කිරීමේ වගකීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා භාරගන්නා බවද සංගමය හමුවේ අවධාරණය කර තිබේ.

තවද, මේ වන විට වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගීන්ට ඇතිවන අපහසුතාව සලකා බලමින්, එළැඹෙන 30 වැනිදා උදෑසන 8 දක්වා මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවත්, සභාපති චානක ධර්මවික්‍රම මහතා සංගමය වෙනුවෙන් ප්‍රකාශ කළේය.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ