පුත්තලම අයවැයත් මාලිමාව පරදී
පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගයට බලය තිබුණු නගර සභාවට මෙවර පරාජයක් ලැබී ඇත.
ඒ අනුව අයවැයට එරෙහිව ඡන්ද 12ක් ලැබුණු අතර, අයවැයට සහාය දක්වූයේ ඡන්ද 7ක් පමණි. සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමත් සමඟ, ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්විය.
මෙය සිදුව ඇත්තේ නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් අයවැය වාර්තාව ප්‍රථම වරට සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති ඡන්දයෙනි.
ඡන්ද ප්‍රතිඵල ඉදිරිපත් වූ අවසන් අවස්ථාවේදී, නගරාධිපතිවරයා මීළග දිනට සභාව කල් තබා රැස්වීම අවසන් කළද, එය නගරසභා අඥා පනතට පෙරලා යන ක්‍රියාවක් බව සභාවේ මන්ත්‍රීවරු 12 දෙනා සදහන් කරති.
ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත රාජකාරි ලේඛනයක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දී තිබේ.