දිවයිනේ සෑම රජයේ ආයතනයකම කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන තිබෙනවා.

ඒ බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළේ ය.
ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය ඉරිදා සිට ආරම්භ කළ බව ඔහු පැවසීය.

ඒ අනුව සියලුම ආයතන ප්‍රධානීන් තම තමන්ගේ ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල නිරතවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එම කටයුත්ත සඳහා යම් සහයෝගයක් අවශ්‍ය වන්නේ නම් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් උපකාරයක් ලබාගත හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery
                
                    
        