පොදු ප්‍රවාහන සේවාවට බාධා කළොත් වැඩ වරදී

Report

පොදු ප්‍රවාහන සේවාවලට බාධා ඇති කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසිනි. එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන්ට හානි කිරීම හෝ ඒවා කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි.

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

පසුගිය 24 වැනිදා ගාල්ල-මාතර මාර්ගයේ බස් රියදුරෙකුට පහර දීමේ සිද්ධියෙන් පසු අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ, එම පහරදීම සිදු කළ ලොරි රථ රියදුරාට සහ ත්‍රිරෝද රථ රියදුරාට, එමෙන්ම එයට සහය දුන් අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් 15කට අමාරුයි

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් 15කට අමාරුයි