බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් 15කට අමාරුයි
Sri Lanka Police
Accident
Law and Order
By Shehan
හොරණ-රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.
පොලීසියට අනුව, තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ ඔහුගේ සහායක ද වෙති.
තුවාලකරුවන් මුලින් ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ ලොරි රියදුරුගේ සහායක ඇතුළු පාසල් සිසුන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර එවා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බස් රථය හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ අතර, කුඩා ලොරිය ඉංගිරිය දෙසට පැමිණෙමින් තිබුණා.
මේ සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
